ගෙවත්තේ ඉඩ නැත්තම් පස් බෝලවල පැල සිටවමු


ඔබගේ නිවස හෝ කාර්යාලය තුළ ස්වාභාවික පෙනුම වැඩි කර ගැනීම සඳහා විසිතුරු ශාක, මල් වර්ග වැවීම අරුමයක් නොවේ. නමුත් පෝච්චියක්, බඳුනක් නොමැතිව පස් ගුලියක්, බෝලයක් තුළ පැළ වැවීම ඔබට වෙනසක් වීමට පිළිවන.

මෙය ඉතාමත් සරල වගා ක්‍රමයක් වන අතර මේවා බිත්තිවල හෝ වෙනත් ආධාරකවල එල්ලා තැබීමට හෝ බිම තැබීමට, මේස මත තැබීමට වුවද පිළිවන.

  • මැටිගතිය වැඩි පස් ටිකක්
  • කොම්පෝස්ට් පොහොර
  • කොහුබත් ටිකක්
  • වියළී ගිය ශාක පත්‍ර හෝ පාසි ටිකක්
  • නූල් හෝ වූල් හෝ රෙදි පටි


ඔබ සිටුවීමට සූදානම් වන පැළයේ තරමට අනුව මැටි බෝලය සකසා ගත යුතුය. පස්, කොම්පෝස්ට් සහ කොහුබත් සමාන ප්‍රමාණ වලින් දමාහොඳින් මිශ්‍ර කර ගන්න. 

කුඩා බෝල තුළ කුඩා පැළද, ලොකු පස් බෝලවල තරමක් ලොකු පැළ වර්ගද සිටුවන්න.
දැන් මිශ්‍ර කරගත් පස්වලට වතුර ඉතා ස්වල්පයක් ඉස අත්ල මත තබාගෙන ගුලියක් ලෙස සකසා ගන්න. 

දැන් සිටුවීමට ගන්නා පැළයේ මුලට වියළි තණකොළහෝ පාසි ටිකක් තබා ගැට ගසා ගන්න. 

දැන් මැටි බෝලයේ සිදුරක් සාදා පැළයේ මුල ඒ තුළ සිටුවා ගන්න. ඉන්පසු පාසි හෝ වියළි කොළ මේ බෝලය මත තබමින් නූල් වලින් හොඳ හැටි ගැට ගසා ගන්න. නැතිනම් රෙදි පටිවලින් ගැටගසා ගත හැකිය.

මේ සඳහා විවිධ වර්ණයේ නූල්, වූල් හෝ රෙදිපටි භාවිත කිරීමට පුළුවන. එසේම එය අලංකාර රටාවක් මැවෙන සේ ගැටගැසීමෙන් මෙහි අලංකාරය තවත් වැඩි කරගත හැකිය. 

මෙය දැන් නූලක් ආධාරයෙන් බිත්තිවල සේම රාක්කවල ආදියේ එල්ලා තැබිය හැක.
මේවාට වතුර යෙදිය යුත්තේ, “ස්ප්‍රේ” කිරීමෙනි. ජලය නොබේරෙන තරමට කුඩා ප්‍රමාණයක් ස්ප්‍රේ කිරීම සෑහේ. එසේම මේ සඳහා පොහොර යෙදීමේදීද, දියර පොහොර වර්ගයක් ස්ප්‍රේ කළ යුතුය. ඒ මසකට පමණ වතාවක් සෑහේ.

------------------->>>>>

 English Article 

Tips for low space Home Gardening 

It is not surprising to plant ornamental plants to enhance the natural look in your home or office. But you can make a difference by planting a pot, a pot of soil without a pot, and a ball.

This is a very simple cultivation method that can be hung on walls or other supports, or even on the floor, on tables.

A little more soil
Compost fertilizer
A little bit of coir
Dried foliage or moss
Yarn or wool or cloth

The clay ball should be made according to the size of the plant you are preparing to plant. Mix in equal quantities of soil, compost and coir paste.

Plant small plants in small balls and slightly larger plants in big soil balls.

Now sprinkle a little water on the soil and mix it into a pile.

Now tie a piece of dry grass or moss to the root of the plant.

Now make a hole in the clay ball and plant it in the root of the plant. Then tie the moss or dry leaves on this ball and tie with threads. Otherwise the fabric can be tied.

You can use a variety of yarn, wool or fabric. It can also enhance the beauty by tying it up to create a beautiful pattern.

This can now be hung on walls and shelves with the help of a thread.

These should be watered by "spraying". Spraying a small amount of water is sufficient. Also, when applying fertilizer, spray a type of liquid fertilizer. That's enough for about a month.

Comments