එලවළු ගෙවත්තක් කිරීමේදී ඔබ දැනගත යුතු මූලික කරුණු - කොටස 02


එක වර්ගයක එළවළු බීජ සියල්ල එකවර පැළ කිරීම වෙනුවට, මුලදී බීජ යම් ප්‍රමාණයක් සිටුවා සති 2-3-4කට පසු ඉතිරිය සිටුවීම මගින් ඔබට එහි අස්වැන්න දිගු කාල පරාසයක් පුරා ලබා ගත හැකි වේ.

මිශ්‍ර ලෙස බෝග වැවීම තුළ පළිබෝධ සහ රෝග පාලනයට සහයක් ලැබේ. එක ම ඉඩ කඩක බෝග කීපයක් වැවීම තුළ කුඩා ඉඩක වැඩි බෝග ප්‍රමාණයක් වැවිය හැක. මඳක් උස්ව වැවෙන බෝග සෙවණේ සූර්යාලෝකයට සංවේදී බෝග වැවිය හැක.

වට්ටක්කා වැනි බෝග වැට දිගේ වැවීමෙන් අනෙක් බෝගවල ඉඩකඩ ආක්‍රමණය නොකරයි.

එළවළු පාත්ති අතර දාස්පෙති මල් ගසක් දෙකක් වවන්නේ නම් වට පනු හානිය අවම වේ. සුදු ළුෑණු වැවීමෙන්

කුඩිත්තන් පාලනය වේ. කොත්තමල්ලි, මිංචි, අරූද වැනි ශාකවලින් නිකුත් වන සැර සුවඳ පළිබෝධ පාලනයට උපකාර වේ. පාත්තිවල නඩත්තුව ඉතා වැදගත් ය. මියගිය හෝ රෝගී වූ එළවළු ශාක සහ වල් පැළෑටි ඉවත් කළ යුතු ය.

ඔබ දියර පොහොර යොදන්නේ නම් සතියකට වරක් පත්‍ර මතට ඉසිය හැක. ඔබ උදයේ දියර පොහොර යෙදුවේ නම් ජලය ඉසිය යුත්තේ සවස් කාලයේ දී ය.

 English Article 

Basic things to know when making a vegetable garden

Instead of planting all of one type of vegetable seed at once, you may want to plant some of the seed at 2-3-4 weeks after planting the rest, so you can get a longer period of harvest.

Cultivation of crops helps in controlling pests and diseases. Cultivation of several crops in one space can increase more crops in a single space. Crops that are slightly taller can grow sun-sensitive crops in the shade.

Cultivation of crops like pumpkin does not invade the space of other crops.

If two dormant flower trees are planted in the vegetable beds, the risk of round dew is minimal. By growing white onions

Aphids are in control. The aroma emitted by plants such as coriander, mint, and aruda helps in pest control. Maintenance of beds is very important. Dried or diseased vegetables and weeds should be removed.

If you apply liquid fertilizer, spray it on the leaves once a week. If you apply liquid fertilizer in the morning, sprinkle water in the evening.

Comments