ගෙදරම රතු ළුුණු වවාගමු


මල්පෝච්චියක් හෝ නිවසින් අබලි ද්‍රව්‍ය ලෙස බැහැර කරන, ප්ලාස්ටික් භාජන හෝ කැඩුණ හට්ටි-මුට්ටි හෝ රිජිෆෝම් පෙට්ටියක් හෝ කැඩුණ බේසමක් වැනි භාජනයක් ඔබට සොයා ගන්න පුළුවන් නේද?

ඔබ සොයාගත් භාජනයේ අඩියේ, වතුර බැසයන්න සිදුරු කිහිපයක් කරන්න.

මෙම සිදුරෙහි භාජනයේ ඇතුළු පැත්තෙන් ගඩොල් කැබලි හෝ උළු කැබල්ලක් තබන්න.

දැන් වැලි කොටස් එකක්ද, කොම්පෝස්ට් පොහොර හෝ ගොම පොහොර කොටස් දෙකක් සහ මතුපිට පස් කොටස් හතරක් ගන්න. ඒ සියල්ල හොඳට කලවම් කරගන්න. බඳුන පුරවා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න.

සකසාගත් මෙම භාජනය හිරු එළිය වැටෙන තැනක තබන්න. රතුලූනු ශාකය හිරු එළිය ප්‍රිය කරනවා. සිටුවීම සඳහා රතුලූනු අල කිහිපයක් ගන්න. සෙ.මී. 10ක පරතරයක් සිටින සේ රතුළුෑණු අල සිටුවා ගන්න.

අලයෙන් 3/4ක් පසට යට කරන්න. අල නිවැරදිව මුල කොටස යටට සිටින සේ සිටුවා ගන්න. අවශ්‍ය පරිදි දිනපතා උදේට වතුර දාන්න. කෘෂි රසායන පාවිච්චි කරන්න එපා කොම්පෝස්ට් පොහොර පමණක් යොදන්න.

සති තුනකින් පසු, රතුලූනු කොළ නිවසේ ආහාර සඳහා ගන්න පුළුවන් වෙනවා.

අල ප්‍රයෝජනයට ගන්න නම් සිටවපු දවසේ සිට මාස 3ක පමණ කාලයක් ගතවෙනවා. ගසේ කොළ මැරුණට පස්සෙයි අල එරෙන්නේ. කොළ මැරීගෙන එනවිට වතුර දැමීම අඩුකරන්න.

------------------------------->>>>>>>

 English Article  

Let us grow onions at home

Can you find a jar, or plastic container, or a broken jar, or a box of rhizomes, or a broken basin, as a waste disposal?

At the bottom of the pot you find, make a few holes to drain.

Place a piece of brick or tile on the inside side of the hole in the hole.
Now take one share of sand, two parts of compost or manure and four parts of topsoil. Mix it all up well. Fill the jar. Water the water as needed.

Place this prepared container in the sunlight. The red onion plant loves sunlight. Take a few red onions for planting. Cm. Plant red onion spacing of 10 cm.

Cover the soil with 3/4 of the tuber. Plant the tubers right under the root. Water daily in the morning as needed. Do not use agrochemicals. Apply only compost.

After three weeks, red onion leaves can be eaten at home.

It takes about three months from the date of planting to get potatoes. The tubers grow only after the leaves of the tree die. Reduce watering when leaves are dead

Comments