නිවස තුළම පස් නැතිව වගා කරමු


පසක් නැතිව එළවළු හෝ පලාවර්ග වගාවක් ලෙස කළ හැකි බව සමහර විට ඔබට අරුමයක් විය හැක. ජලය සහිත ද්‍රව මාධ්‍යයක වගා කිරීම “ජලරෝපිත වගාව” හෝ “නිර්පාංශු වගාව” නමින් හඳුන්වයි.

මෙම වගාව සඳහා පියන සහිත වතුර දැමිය හැකි භාජනයක් අවශ්‍ය වේ. ප්ලාස්ටික්, සිමෙන්ති හෝ රෙජිෆෝම් පෙට්ටියක් භාවිතා කළ හැකිය.

මෙම භාජනයේ පියනේ රවුම් සිදුරු කපා ගන්න. එම සිදුරට දැමිය හැකි තරමේ ප්ලාස්ටික් භාජන තෝරාගන්න. ඒවායේ පතුළේ සිදුරු තිබිය යුතුය. එම ප්ලාස්ටික් භාජනයට පැළය රඳවා ගැනීමට මාධ්‍යයක් ලෙස, කොහුබත් පුරවා ගන්න.

කොහුබත් මත පැළය පහසුවෙන් සිටුවා ගත හැක. මාස හයකට වඩා පැරණිවූ කොහුබත් ගන්න. කොහුබත් සොයාගැනීමට අපහසුනම් පමණක්, “කර දහයියා” යොදාගන්න. කොහුබත් හෝ කර දහයියා ජීවාණුහරණය කර ගන්න. මෙලෙස, පැළ සිටුවීමට,කොහුබත් වෙනුවට රෝක්වුල්, පීට් හෝ පර්ලයිට් ද භාවිත කළ හැක.

දැන් වතුර දැමීමට යොදාගත් භාජනය සඳහා රෙජිෆෝම් පෙට්ටියක් යොදා ගත්තා නම්, ජලය සුළු කාන්දුවක් හෝ වැළැක්වීමට මි.මී. 1.15ක් ඝනකමැති කළු පොලිතීනයකින් රෙජිෆෝම් පෙට්ටියේ ඇතුළත හොඳින් සංවෘත වනසේ ආවරණය කර ගන්න. පොලිතීනය රඳවා ගැනීමට ගම් ටේප් භාවිතා කළ හැක.

වතුරේ දියවෙන රසායනික පොහොර, වතුර අඩංගු රෙජිෆෝම් පෙට්ටියට කලවම් කරගන්න. රෙජිෆෝම් භාජනයේ 2/3ක් පමණ උසට සිටින්නට මෙය පුරවා ගන්න. දැන් සිදුරු සහිත පියනෙන් ඒ භාජනය වසන්න. මීළඟට ඔබ පැළ සිටුවා ගත් කුඩා ප්ලාස්ටික් පෝච්චි මේ පියනේ සිදුරු අතර රඳවන්න.

මේ බඳුන හා පෝෂක ද්‍රාවනය අතර මුල් වර්ධනය පහසු වීමට හිස් අවකාශයක් තිබිය යුතුය.පෝෂක ද්‍රාවනය අඩු වන විට විටින්-විට වතුර පමණක්, අවශ්‍ය මට්ටමට එනතෙක් එක් කරන්න.

මුලින්ම සකසන ලද පෝෂක ද්‍රව්‍ය අන්තර්ගත කරන ලද ද්‍රාවනය මාසයක කාලයක් පැළයේ පෝෂණයට සෑහෙයි. අස්වනු නෙළාගත් පසු අලුත් ද්‍රාවනයක් සකසා ගැනීමට පුළුවන. එළවළු පැළ ආලෝකය ප්‍රිය කරන නිසා නිවසේ ජනේලයක් අසල හෝ නිවසේ හිරුඑළිය ලැබෙන විවෘත ස්ථානයක තබන්න.

“ජලරෝපිත වගාව” සඳහා මුකුණුවැන්න, කංකුන්, ගොටුකොළ හෝ සලාද වැනි පලා වර්ගද, තක්කාලි, රාබු, බීට්රූට්, ගෝවා හෝ මාළු මිරිස් වැනි එළවළු වර්ගද පහසුවෙන් වවාගත හැක.

-------------------------->>>>>

 English Article 

Plant without any soil at home | Home Gardening Tips

You may be surprised to learn that soil can be grown as a vegetable or vegetable crop. The cultivation of a liquid medium with water is known as "aquatic cultivation" or "vegetative cultivation".

This cultivation requires a potable waterproof container. You can use a plastic, cement or regiform box.

Cut the hole in the lid of the jar. Pick enough plastic containers that can fit into the hole. They should have holes in the bottom. Fill coir pods as a means to hold the plant in the plastic container.

The coir can be planted easily. Take coir pots that are over six months old. If the coir is hard to find, use "curry leaves". Sterilize the coir pods or curry powder. Thus, instead of coir, rockwood, peat or perlite can be used for planting.

If a regiiform box was applied to the vessel that was now used to drain the water, the water would have to be cut to prevent a slight leak. Cover the inside of the Regiform box with 1.15 kg thick black polythene. Gum tape can be used to hold the polythene.

Dissolve the chemical fertilizer in the water and mix it into the regiiform box containing water. Fill this to about 2/3 of the regiform jar. Now close that jar with a perforated lid. Next place the small plastic pots you planted in the holes in the lid.

Between this pot and the nutrient solution, there should be empty space to facilitate root growth.
A solution containing the initial set of nutrients is enough to feed the plant for a month. After harvest, a new solution can be prepared. Vegetable plants are light, so keep them near a window in the house or in an open area where sunlight is available.

For aquaculture, you can easily grow vegetables like mukununna, saffron, goat leaves or salad, and vegetables such as tomatoes, radish, beetroot, cabbage or fish chilies....

Comments