ගෙදරදී කුඩා බඳුන්වල හෝ තවානේ බීජ පැල කරන නිවැරදි ක්‍රමය


මුලින්ම කරන්න ඕන අපි සකස් කරගත්ත භාජනය/භාජන බඳුන් මිශ්‍රණයෙන් පුරවා ගන්න එක.

ගල් මුල් ඉවත් කරලා හොඳින් කුඩු කර ගත්ත මතුපිට පසුයි, ගොම එහෙමත් නැත්නම් වියළි කොම්පෝස්ට් පොහොරයි සමාන ප්‍රමාණවලින් අරගෙන හදාගත්ත මිශ්‍රණයක් බඳුන් වලට පුරවන්න.

යොදාගන්න බඳුන් මිශ්‍රණය ජීවානුහරණය කරලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි එහෙම කලාම තවානේදී දිලීර රෝග වාගේ රෝග හැදිලා පැළ මැරිලා යන එක වළක්වාගන්න පුළුවන්. නටන උණුවතුර බඳුන් මිශ්‍රණය හොඳින් තෙමීයන විදියට යොදා ගැනීමෙන් පහසුවෙන් ජීවානුහරණය කරගන්න පුළුවන්.


තවානේ / භාජනයේ ඇති පස තුනී කරලා ඒ මත බීජ තුනීවට තැන්පත් කරන්න. ඊට උඩින් සෙන්ටිමීටර් 1 - 2 ක් වන සේ සියුම් පස් තට්ටුවක් දමා වසා දමන්න.

ක්ෂේත්‍රයේ සිටුවීමට,එහෙමත් නැතිනම් තවාන් දැමීමට ඉස්සරවෙලා බීජවල අවශ්‍යතාව අනුව පැය 2 සිට 12ක් පමණ දක්වා ඒවා ජලයේ ගිල්වා තබන්න.

ජලය උරාගත් පසු බීජ ප්‍රරෝහණයට අවශ්‍ය වන තෙතමනය, වාතය හා උණුසුම ලැබෙන්නට භාජනයකට දමා වසා තැබීමෙන් පැලවීම ඉක්මන් කරගන්න පුළුවන්. හැබැයි දිගටම ජලයේ ගිල්වා තැබුවොත් බීජ ටික කුණු වෙන්න පුළුවන්.

මේ විදියට හදාගන්න පැළ තමයි අපි ක්ෂේත්‍රයේ සිටුවන්න ගන්නේ. බෝග වර්ගය අනුව තවානේ තිබිය යුතු කාලය වෙනස් වෙනවා සෙවනේ තවාන් කරලා තිබුන පැළ කෙලින්ම ක්ෂේත්‍රයේ සිටුවන්නේ නැහැ.


පැළ ටිකෙන් ටික අව්වට හුරු කරන්න ඕන එහෙම නොකළොත් කෙලින්ම තද අව්වට නිරාවරණය වීමෙන් පැළ මැලවිලා මැරිලා යන්න වුනත් ඉඩ තියෙනවා

ඒ නිසා දිනපතා ටිකෙන් ටික සෘජු හිරුඑළියට නිරාවරණය කිරීමෙන් පැළ දැඩි කරගන්න ඕන.

--------------------->>>>>

 English Article 

The correct method of planting small pots or nursery at home

The first thing we need to do is fill the jars / jars with the mix.

After removing the roots of rocks, dust the surface of the powder, dung or dry compost manure in equal quantities and fill the prepared mixture into the containers.

If you can sterilize the potting mix, it is very good. In the nursery you can prevent the disease from spreading like fungal diseases. It can be easily sterilized by mixing the boiling hot water containers with a well-moistened form.

Thin the soil in the nursery / jar and place the seeds on it. Lay a layer of soil about 1 to 2 cm above it and cover.

Before planting or planting in the field, seeds should be immersed in water for 2 to 12 hours depending on the need.

Once the water is absorbed, the seeds can germinate by sealing them in a container to get the moisture, air and heat needed for germination. But the seeds can rot if you keep them in the water.

These are the plants that we plant in the field. The time of the nursery varies according to the type of crop. Plants planted in the shade are not planted directly in the field.

The plants need to be gradually brushed off, otherwise direct sunlight can cause the plants to wither and die.

Therefore, plants need to be tightened by exposure to direct sunlight every day.

Comments