එලවළු ගෙවත්තක් කිරීමේදී ඔබ දැනගත යුතු මූලික කරුණු - කොටස 01


ප්‍රදේශයේ හොඳින් වැවෙන බෝග මොනවාද යන්න අවට ඉඩම් ආශ්‍රයෙන් හඳුනා ගන්න.
වැසි කාලවල දී දිලීර රෝග අධිකව වැළඳෙන බැවින් ඊට ඔරොත්තු දෙන බෝග තෝරා ගන්න. 

වියළි කාලවල දී වඩා හොඳින් වැවෙන බෝග වැසි කාලයට උචිත නො වේ.
ඉඩමේ ස්වභාවය අනුව එක් බෝගයක් වවනවාට වඩා හැකිතාක් විවිධ බෝග ප්‍රමාණයක් වැවීම ඵලදායකය.

එක් එක් බෝගයකින් කොපමණ ප්‍රමාණයක් වවනවා ද යන්න ඉඩමේ ප්‍රමාණය, ස්වභාවය සහ ඔබේ කැමැත්ත මත සිදුවිය යුතු ය.

ගෙවත්තේ එළවළු වගා කිරීමේ දී එක් බෝග වර්ගයක් ඊ ළඟ වතාවේත් එම ස්ථානයේ ම වගා කිරීමෙන් වළකින්න. විවිධ බෝගවල වැඩීමට පසෙහි තිබිය යුතු පෝෂණ අවශ්‍යතාව විවිධ ය.

නයිට්‍රජන් ඌනතාවක් සහිත පසක මුලින් ම බෝංචි, දඹල වැනි පසට නයිට්‍රජන් එක් කරන රනිල බෝග වර්ගයක් වගා කළ හැකි ය.

එසේ ම කොල්ලු වැනි ආවරණ බෝගයන් වගා කළ හැක. ඒවායේ අස්වැන්න ගත් පසුව, නයිට්‍රජන් අධිකව අවශ්‍ය බෝගයන් වන ඉරිඟු වැනි බෝග වගා කළ හැක.

එක ම බෝගය දෙවරක් එක් තැනක වගා නොකිරීම තුළ ලැබෙන තවත් වාසියක් නම් ඇතැම් ශාකවලට සුවිශේෂ වන රෝගවලට පස තුළ ස්ථාවර වීමට කාලයක් ලබා නොදීම ය. එමෙන් ම කෘමි පළිබෝධකයන් අධෛර්යවත් වීමක් ද බෝග මාරුව තුළින් සිදුවිය හැකි ය.

--------------------->>>>>

 English Article 

Basic things to know when making a vegetable garden

Locate the surrounding areas to see what crops grow best in the area.

Choose foliage resistant fungal diseases during rainy season.

Crops that grow better in dry seasons are not suitable for rainy season.

Depending on the nature of the land it is more productive to plant as many crops as possible
than one crop.

How much each crop grows depends on the size, nature of the land and your preference.

When planting vegetables in the garden, do not plant one crop next time. The nutrient requirements of the soil for growing different crops are diverse.

In a nitrogen-deficient soil, a legumes crop can be grown first, such as beans and dambalas.

Also cover crops such as collars can be grown. Once they are harvested, they can grow crops, such as corn, which are in high demand for nitrogen.

Another advantage of not planting the same crop twice is that it does not allow time for certain diseases to be fixed in the soil. The crop rotation can also cause discouragement of insect pests.

Comments